කොන්ක්‍රීට් කියන්නෙ මොනවද?
පොදුවේ අපි හැමෝම කොන්ක්‍රීට් කියන්නෙ මොනවද කියල සාමාන්‍යයෙන් දන්නව.
නමුත් ඇත්තටම මොනවද මේ කොන්ක්‍රීට් කියන්නෙ කියලා අපි අද මාතෘකා කීපයක් යටතේ කතා කරමු.
1. මොනවද කොන්ක්‍රීට් වල තියෙන්නෙ?
2. කුමක්ද මේ කොන්ක්‍රීට් ග්‍රේඩ් එක කියන්නෙ?
3. කොහොමද කොන්ක්‍රීට් හදන්නෙ?
මොනවද කොන්ක්‍රීට් වල තියෙන්නෙ?
සිමෙන්ති, වැලි, ගල් සහ වතුර. මේ ද්‍රව්‍ය තමයි කොන්ක්‍රීට්වල තියෙන්නේ. සමහර රටවල්වල සහ විවිධ අවශ්‍යතා මත පාවිචිචි කරන ගල් වර්ග වැලි වර්ග වෙනස් වෙන්න පුළුවන්.
මීට අමතරව සවිවීම වේගවත් කරන්න හෝ ටික වෙලාවක් යනකන් සවිනොවී තියාගන්න විවිධ කෙමිකල් වර්ග පාවිච්චි කරනවා. අපි ඒගැන වෙන ලිපියක කතාකරමු.
මොකක්ද මේ කොන්ක්‍රීට් ග්‍රේඩ් එක කියන්නේ?
කොන්ක්‍රීට් වලට තියෙන්න ඕන ශක්‌තිමත් බව තමයි මේ ග්‍රේඩ් එක කියන්නෙ.
උදාහරණයක් විදියට ග්‍රේඩ් 25 (G25) කොන්ක්‍රීට් කියන්නෙ එම ඉදිකිරීමට අවශ්‍ය සම්පිඩක (Compressive Strength) ශක්තිය 25ක් කියල. ලංකාවේ අපි මෙම ග්‍රේඩ් එක මෙගාපැස්කල් (Mpa) වලින් හෝ වර්ග මිලිමිටරයට නිව්ටන් (N/mm2) වලින් මිනුම් කරනවා.
අපි එදිනෙදා භාවිතා කරන කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාත කිහිපයක් 👇
අවසාන මාතෘකාව, කොහොමද කොන්ක්‍රීට් හදන්නෙ?
සරළව ගත්තොත් ඉහත සදහන් කරල තියෙන විදියට සිමෙන්ති, ගල්, වැලි සහ වතුර අදාළ අනුපාත වලට මිශ්‍ර කරලා හදාගන්න මිශ්‍රණයට තමයි කොන්ක්‍රීට් කියන්නෙ.
කොන්ක්‍රීට් මිශ්‍රණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ අපි එදිනෙදා භාවිතා කරන කොන්ක්‍රීට් සහ විශේෂ අවශ්‍යතා සදහා ඩිසයින් කරල ගන්න මිශ්‍රණ විදියට.
අපි අපේ ගෙවල් හදන්න, අලුත්වැඩියා කටයුතුවලට වගේ පාවිච්චි කරන්නේ මම දාල තියෙන වගුවේ තියෙන අනුපාත කිහිපයක්.
නමුත් විශාල තට්ටු ගොඩනැගිලි සදහා විශේෂයෙන් ප්‍රධාන ව්‍යුහය සදහා අපි මෙම සාමාන්‍ය අනුපාත භාවිතා කරන්නේ නෑ.
මේ සඳහා ඉංජිනේරු අනුමැතිය සහිතව විශේෂ ඩිසයින් එකක් තමයි පාවිච්චි කරන්නේ.
සටහන ✍✍
කල්ප මධුශංක.
Dr.Build ®️
Comments
Post a Comment